Showing posts with label INTERNET MONEY. Show all posts
Showing posts with label INTERNET MONEY. Show all posts

Sunday, 29 December 2019

PointsPrizes

PointsPrizes


අපි හැමදාම ඔයාට අපේ site එකෙන් සල්ලි හොයන්න පුලුවන් අලුත් ක්‍රම ඔයාට කියනවා, අදත් කියන්නේ එහෙම site එකක් ගැන. PointsPrizes ඔයාට පහසුවෙන් ඔයාගේ email එක දීලා මේකට register වෙන්න පුලුවන්.
මෙතනදී ඔයාට කරන්න ගොඩක් දෙවල් තියෙනවා. ඔයාට මේතනදී එකේක offers තියෙනවා ඒ offers වලින් වගේම, ඔයාට මෙතනදී හම්බෙන ඔයාගේ refer link එක හරහා මේ site එක ඔයාගේ යාලුවන්ට share කරලත් ඔයාට සල්ලි හොයන්න පුලුවන්.
ඔයා මේ site එකට login උනාම ඔයාට side එකේ settings බලාගන්න පුලුවන්, එතනින් earn points කියන setting එකේ top offers කියන setting එකෙන් ඔයාට දැනට තියෙන හොදම offers බලාගන්න පුලුවන්. ඔයාට top offers complete කරලා සෑහෙන්න ගානක්(points) හොයාගන්න පුලුවන්
ඊට යටින් ඔයාට පොඩි පොඩි offers බලාගන්නත් පුලුවන්, මෙතනදි පොඩි පොඩි offers විදියට ඔයාට එකේක් විදියේ games තියෙනවා. ඒ games වල ඔයා pass කරන හැම level එකකටම ඔයාට point එක ගානේ ලැබෙනවා.
ඊට අමතරව ඔයාට daily poll කියන setting එකෙන් ගිහින්, ප්‍රශ්න කීපයකට උත්තර දීලා හැම දවස ගානෙම points 5ක් හොයාගන්න පුලුවන්. ඊට අමතරව video ads බලලත් ඔයාට points එකතු කරගන්න පුලුවන්. මේ වගේ ගොඩක් ක්‍රම මේකේ තියෙනවා.
මෙහෙම කරලා ඔයා points 3000 ක් එකතු කරගත්තම ඒ කියන්නේ dollar 20ක් එකතු උනාම ඔයාට claim prizes කියන settings එකට ගිහින් paypal, amazon, bitcoin, වගේ තවත් ගොඩක් තැන් වලින් gift cards ගන්න පුලුවන්.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
AdSense Approvel

AdSense Approvel


Adsense ගැන මම මීට කලින් දීර්ග විස්තරයක් කතා කරා. ඕනම දෙයක් මුලින් කරද්දී ප්‍රශ්න මතු වෙනවා, මම උනත් මේ දේවල් මුලින්ම කරද්දී හිර උන තැන් තිබුනා. ඉතින් ගොඩක් දෙනා මගෙන් ඒකේක විදියෙ ප්‍රශ්න අහලා තිබුනා. ඒ දේවල් වලට උත්තර දෙන්න තමයි අද මේ post එක ලියන්නේ.
ගොඩක් දෙනා මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි, අපි adsense account එකක් හැදුවා ඒත් මේක approve උනේ නැහැ කියන එක? සාමන්යෙන් adsense account එකක් approve වෙන්න ටික කාලයක් යනවා, ඒක සාමාන්යෙන් සති තුනක් හතරක් වෙන්න පුලුවන්.
මෙහෙම වෙලත් ඔයාගේ account එක approve උනේ නැත්තම් සමහරවිට ඔයා අතින් මේ වගේ වැරදි වෙලා ඇති. මම ඔයාලට කලිනුත් කිව්වා ඔයා youtube channel එකකට නම් adsense account එක හැදුවේ ඔයාගේ channel එකේ content එක සිංහලෙන් තියෙනවා නම් adsense ඉල්ලුවට වැඩක් නැහැ වෙන් නෑ කියලා, දැන් මේකෙන් වැරදි අදහසක් ගන්නෙපා, මෙතනදී මම content එක කියලා කිව්වේ ඔයා channel එක ඇතුලේ සිංහලෙන් කතා කරන එක නෙවෙයි. ඔයාගේ video එකේ video title එක description, video tags මෙන්න මේ දෙවල් සිංහලෙන් දාන්න එපා.
සමහරවිට මේ දෙවල් කරලත් adsense approvel නොවන අවස්තා තියෙනවා, සමහරවිට youtube එකෙන් අපේ adsense account demonetization කරනවා, ඊට පස්සේ ඕයාගේ video එකේ ප්‍රශ්නයක් නැත්තම් අපහු request  කරන්න කියලත් එයාලා කියනවා.
මේ වගේ ප්‍රශ්න එනවා. මෙහෙම උනොත් බයවෙන්නවත්, මේක අත ඇරලා දාන්නවත් එපා. අපහු try කරන්න. හැබැයි ඔයා මෙහෙම වැරැද්දක් නම් කරන්න එපා තව කෙනෙක්ගේ video එකක් අරන් publish කරන්න, එහෙම නැත්තම් copyrighted free නැති music එකක් උනත් ඔයාගේ video එකේ පාවිච්චි කරන්න යන්න එපා.
ඉතින් මෙහෙම කරාම අනිවාරෙන් ඔයාගේ account එක approve වෙනවා. මෙකට ඔයාට ටික කාලයක් බලන් ඉන්න වෙයි, ඒත් අනිවා approve වෙන්න ඕනි.
ඊලගට adsense ලංකාවට approve නැද්ද? කියලා ගොඩක් දෙනා මගෙන් ඇහුවා ඇත්තටම එහෙම දෙයක් නැහැ. ලංකාවට adsense approval  දීලා තියෙන්නේ, ඒත් monetization enable කරන්න ගියාම, country එක srilanka කියලා දුන්නම support වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනව. මේ නිසා සමහරු country එක මාරු කරලා මේක කරනවා, ඒහෙම කරන්න අවශ්ය වෙන්නේ නැහැ මම ඒකට විකල්පයක් ඔයාලට කලින් post එකකදී කිව්වා ඉතින් ඒකත් කියවලා බලන්න.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
ShareCash

ShareCash


ගොඩක් දෙනා නොදන්නව උනාට internet එකේ සල්ලි හොයන්න තියෙන සුපිරි site එකක් තමයි sharecash කියන්නේ. ඔයාට මේ site එක හරහා සල්ලි හොයන්න ක්‍රම එකක් නෙවෙයි ගොඩක් තියෙනවා.
ඉස්සෙල්ලම ඔයා මේ site එකේ account එකක් හදාගන්න ඕනි. ඊට පස්සේ ඔයාට ඔයාගේ account එකට login උනාම monetization tools කියලා setting එකක් බලා ගන්න පුලුවන්. ඒක යටතේ overview, files and uploading, link lockers, widgets කියලා තවත් sub setting කීපයක් තියෙනවා.
දැන් කොහොමද මේ එකෙන් සල්ලි හොයන්නේ? මම ඔයාට ක්‍රම කීපයක් අද කියලා දෙන්නම්. ඔයාට ඔයාගෙම කියලා website එකක් තියෙනවා නම්, ඔයාට මේ widgets කියන setting එකෙන් ගියාම එයාල ඔයාට link එකක් දෙනවා, ඒ link එකන් ගිහින් එයාලගේ widget එක ඔයාගේ site එකට set කරගෙන active කරාම,  ඔයාගේ site එකට එන අයට එයාලාගේ ad එකක් පෙන්නනවා මෙන්න මේක කවුරුහරි click කරාම ඒකෙනුත් ඔයාට උපයන්න පුලුවන්.
Link locker එකෙන් වෙන්නේ ඔයාගාව තියෙන ඔනිම link එකක් මෙතනට දුන්නම් මේ site එකෙන් link එක lock කරනවා. ඔයාට තියෙන්නේ lock කරපු link එක හැම තැනම share කරන එක එතකොට කවුරු හරි මේක unlock කරාම ඒකෙනුත් ඔයාට සල්ලි හම්බෙනවා.
ඉතින් ඔයාට මෙතනදි link locker හරහා විතරක් නෙවෙයි, files upload කරලා වගේම referrals හරහාත් මේ site එකේන් මුදල් උපයන්න chance එක තියෙනවා. ඉතින් මේ හැමදේම ගැන විස්තර අපි ඉදිරියේදී ඔයාලට කියන්නම්.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
AppBucks

AppBucks

මෙකත් තවත් android app එකක්, මේක හරහාත් ඔයාට මුදල් උපයන්න පුලුවන්, ඉතින් මේ වගේ apps ගොඩාක් තියෙනවා ඒ හැමදේම අපි ඔයාලට කියනවා.
මේ app එකේදි, ඔයා මේක install කරගෙන login වෙනවත් එක්කම ඔයාට dollar 10ක මුදලක් ලැබෙනවා. ඒ වගේම මෙ app එකට login උනාට පස්සේ refer id එකක් ඉල්ලනවා. ඒකට මේ app එක යුස් කරන කෙනෙක්ගේ refer id එක දුන්නම ඔයාට points 500ක් ලබා ගන්න පුලුවන්. points 1000ක් කියන්නේ dollar එකක්.
මේ app එකේ උඩින්ම points mining කියල setting එකක් තියෙනවා, අන්න එතනින් ඔයාට පුලුවන් මේ application එක social media වල share කරන්න. මෙතනදි එක share එකකට points 100ක් ලැබෙනවා. ඔයාට points ගාන බොහොම ලෙසියෙන් වැඩි කරගන්න පුලුවන්.
ඒ විතරක් නෙවෙයි offer points කියන settings එකට ගියාම ඔයාට පොඩි පොඩි task complete කරන්න තියෙනවා, මේ හරහා ඔයාට සෑහෙන්න points ගානක් එකතු කරගන්න පුලුවන්.
මෙතන්දී තව දෙයක් තියෙනවා, ඒ තමයි ඔයාට මේ app එකට review එකක් දෙනවටත් ඔයාට සල්ලි හම්බෙනවා. මෙතනදි ඔයා 5stars දීලා good comment එකක් දුන්න බව ඔප්පු කරන්න ඔයා දීපු comment එකේ screen shot එකක් අරන් upload කරාම ඔයාට dollar 5ක් ගෙවනවා.
මේ app එක හරහා ඔයා හම්බ කරන මුදල් ඔයාට paypal එකට ගෙන්න ගන්න පුලුවන්.
මේ එකේන් සල්ලි හොයන්නේ නම් මේ විදියට තමයි. හැබැයි මේ මුදල් ඔයාගේ අතට ලැබෙනවද? මේ app එකෙන් සල්ලි දීලා reviews දාගන්නේ ඇයි? ඒ වගේම app එකට login වෙනකොටම අපි කිසිම වැඩක් නොකරම නිකම්ම dollar 10 දෙනවා. ඉතින් මට පොඩි සැකයක් ආපු නිසාම මම මේ ගැන හොයලා බැලුවා, මේ app එක යුස් කරන කීප දෙනෙක්ගෙන් අහලා බැලුවා.
මේ හැමෝම මේක කරනවා විතරයි සල්ලි අතට ගත්තු කෙනෙක් නැහැ. ඉතින් කාලය කියන්නේත් සල්ලි ඒනිසා මේ වගේ සල්ලි නොලැබෙන දේවල් වලට ඔයාගේ වටිනා කාලය නාස්ති කරන්නෙපා.
කවුරු හරි මේ app එක යුස් කරලා ඔයාගේ අතට සල්ලි ගත්ත කෙනෙක් ඉන්නවා නම්, අනිවා ඒ ගැන මට කියන්න එතකොට අපිට නිවැරදි තොරතුරක් අනිත් අයට දෙන්න පුලුවන්.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
Fiverr- Marketing Rules

Fiverr- Marketing Rules

Fiverr ගැන අපේ site එකෙන් අපි බොහොම පැහැදිලිව ඔයාලට කියලා දුන්නා. Fiverr gig එකක් හදන විදියෙ ඉදන් ඒක promote කරන්නේ කොහොමද? Promoting tips මොනාද? මේ හැම දේම අපි බොහොම පිලිවෙලට කියලා දුන්නා මතක ඇති. ඒ වගේම අපි කිව්ව දේවල් ඒ විදියටම කරලා සාර්තක උනා කියලත් කීපදෙනෙක් මට පෟද්ගලිකව message කරලා කිව්වා, ඒ ගැන මමත් ගොඩක් සතුටු වෙනවා.
ඔයාට අපේ fiverr lesson එක මිස් උනා නම් fiverr,  Promote fiverr Gig -(Step1),  Promote fiverr Gig-(Step2) මේ link වලින් ගිහින් ඒ දැනුමත් අරගන්න. ඒක ඔයාට අද post එක තේරුම් ගන්න වැදගත් වේවි.
මෙච්චර දවස් මම fiverr එක තුල ඔයාලා කරන්න ඕනි ගොඩක් දේවල් කියලා දුන්නා. අද මම කියන්න යන්නේ fiverr තුල ඔයා නොකල යුතු දෙවල් ගැන.
  • ඔයා fiverr එකේ seller කෙනෙක් නම් ඔයාගේ gig එකට message කරන buyersලට ඔයාගේ personal details ඒ කියන්නේ personal email එක දෙන්න එපා, මේ ගැන මම කලිනුත් කිව්වා.
  • ඒ වගේම එකම ip address එකකින් fiverr account දෙකක් කරගෙන යන එක තහනම්. ඒ කියන්නේ ඔයාට fiverr එක ඇතුලේ account එකකට වඩා තියාගන්න බැහැ.
මේ නීතිය අසාධාරන වෙන අවස්තාවකුත් තියෙනවා, අපි හිතමු එකම ගෙදරක සහෝදරයො දෙන්නෙක් එකම computer එක පාවිව්වි කරන්නේ කියලා. මේ දෙන්නම වෙන වෙනම fiverr account දෙකක් හදාගෙන fiverr එකේ වැඩ කරනවා. fiverr site එකට අනිවාරෙන් මේක detect වෙනවා. මොකද එකම ip එකකින් account දෙකකින් fiverr එකට දිගින් දිගටම log වෙද්දී, එකම පුද්ගලයෙක් වෙනස් නම් දෙකකින්, account දෙකක් හදාගෙන log වෙනවා කියලා තමයි එයාලා හිතන්නේ ඉතින් මෙතනදී එයාලා account දෙකම cancel කරනවා. ආපහු ඔයාට කිසිම විදියට account එකේ සල්ලි තිබ්බත් ඒවා ගන්නත් බෑ. ඒ වගේම ඒ computer එකෙන් නැවත අලුත් fiverr account එකක් හදන්නත් බෑ. මේ සිද්දිය මේ විදියටම වෙච්ච ගොඩක් දෙනා ඉන්නවා. ඒ නිසා මේ වගේ දේවල් කරන්න එපා.
  • ඒ වගේම fiverr gig එකට buyerකෙනෙක් oredrඑකක් කරාම, ඔයා ඒක ඉවර කරනවා කියලා කියපු වෙලාව ඇතුලත ඉවර කරලා buyerට deliver කරන්න මතක තියා ගන්න.
සමහර වෙලාවට ඔයා orderඑක දීලා තියෙන කාලය ඇතුලත, හරියට ඉවර කරලා delivery කරාම, buyer ඔයාගේ service එක හරි නෑ කියලා සල්ලි දන්න බෑ කියලා කියන අවස්තා තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවට මොකද කරන්නේ?
මේ ගැනත් අපි කියනවා.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
Slide Joy

Slide Joy




මෙකත් තවත් android app එකක්. ඔයාට මේ app එක install කරගෙන ඔයාගේ email එකෙන් නැත්තම facebook එකෙන් login වෙන්න පුලුවන්.
මේක lock screen app එකක්. ඒ කියන්නේ මෙතනදී screen එක lock කරලා අපහු unlock කරද්දී එයාලගේ add එකක් පෙන්නනවා මෙන්න මේක බලනවාටත් ඔයාට මුදලක් මේ app එකෙන් ගෙවනවා.
විශේෂයෙන්ම මෙතනදි මෙයාලා සල්ලි ගෙවන්නේ dollar වලින් නෙවෙයි carats වලින්. carats 1000ක් තම්යි dollar එකක් කියන්නේ. ඔයාට මෙතනදී උපයන මුදල් paypal එකට withdraw කරගන්න වගේම amazon වගේ sites වලින් gift card ගන්නත් මේ app එක හරහාම පුලුවන්.
ඔයාට මේ app එකට login වෙලා මේකෙන් සල්ලි හොයද්දි තේරෙයි carats 1000 හොයන්න ලෙසි නෑ කියලා. මේ app එකෙන් දවසේ carats ගාන update කරන්නේ රෑ 10යෙන් පස්සේ. ඔයාට ඔයා එක දවසක් ඇතුලත හොයපු carats ගාන රෑ 10න් පස්සේ බලා ගන්න පුලුවන්.
මේ app එකට ඔයාගේ යලුවන්ට invite කරලත් ඔයාට carats ගාන වැඩි කරගන්න පුලුවන්, ඒකට refer friend and family කියන තැනට ගිහින් එතන ඔයාටම කියලා invite code එකක් තියෙනවා, ඒක copy කරලා ඔයාගේ යලුවන්ට යවන්න විතරයි තියෙන්නේ. ඒ වෙනුවෙන් ඔයාට 20%ක commission එකක් මෙයාලා ගෙවනවා. ඒ විතරක් නෙවෙයි මෙතනදී ඔයාට එකේක විදියේ task තියෙනවා. මෙවා complete කරලා ඔයාට  offers ගන්න පුලුවන්. ඉතින් ඔයාට මේ task සම්පුර්ණ කරලා සැලකිය යුතු මුදලක් හොයන්න පුලුවන්.
දැන් ඔයාට මේ task මොනාද? කියලා ප්‍රශ්නයක් ඇති. ඒ ගැන මම කියනවට වඩා ඔයා මේ app එක install කරගෙන මේක කරලා බැලුවෙත් ඔයාට මේක දැනගන්න පුලුවන්, මොකද හැමදේම මම කිව්වොත් ඔයාට තනියෙන් ඉගෙනගන්න දෙයකුත් නැති වෙනවා. කොහොම උනත් මේ task හරි පොඩි දෙවල්, ඔයාට ලෙසියෙන් carats එකතු කරගන්න පුලුවන්.
මෙතනදී මේ එකතු වෙන සල්ලි ඔයාට paypal හරහා ගෙන්නගන්න පුලුවන් කියලා මම කිව්වා. ඒකට ඔයාට අඩුම carats 2000ක් ඒ කියන්නේ dollar 2ක් හොයන්න වෙනවා.
මේ app එකත් try කරලා බලන්න. තවත් හොද ක්‍රම අපි ඉදිරියේදී කියන්වා.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
Foap App

Foap App




මේ post එක කියවන ඔයා photographer කෙනෙක් වෙන්න පුලුවන් එහෙනම් මේ job එක ඔයාට.
මීට කලිනුත් මම android apps ගොඩක් ගැන කතා කරා. මේ app එකේදී ඔයාට ඔයා ගන්න photo වලින් සල්ලි හොයන්න පුලුවන්, හැබැයි මේ app එකට photo upload කරන්න පුලුවන් quality එකක් තියෙනවා ඔයාගේ photos ඒ quality එකට තියෙනවා නම් විතරයි ඔයාට මෙකෙන් සල්ලි හොයන්න පුලුවන් වෙන්නේ.
app එක install කරගත්තට පස්සේ ඔයාට එක්කෝ facebook හරහා එහෙම නැත්තම් අලුත් account එකක් හදලා හරි මේකට login වෙන්න පුලුවන්.
ඊට පස්සේ ඔයාගේ first photo එක මේකට upload කරන්න පුලුවන්.
මෙතනදී ඔයා upload කරන photo එක processing වෙලා එයාල ඔයාගේන් බලාපොරොත්තු වෙන quality එක තිබුනේ නැත්තම් processing fail වෙනවා. ඒ නිසා quality photosම upload කරන්න.
ඊට පස්සෙ caption එක විදියට මොකක් හරි නමක් දීලා, අදාල tages දීලා මේ photo එක ඔයාට upload කරන්න පුලුවන්. Foap කියන්නේ market place එකක් ඉතින් මෙතන photos සල්ලි දීලා ගන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඔයාට එක photo එකක් dollar 5 ගානේ විකුනන්න පුලුවන්.
මේක විතරක් නෙවෙයි මෙතනදී එකේක companys වල තරග තියෙනවා. ඔයාට මේ තරග වලින් දින්නොත් සෑහෙන්න මුදලක් හොයාගන්න පුලුවන්. මෙතනදී එයාල ඒ company එකට අවශ්ය photo එකේ සියලුම විස්තර වගේම sample photos දාලා තියෙනවා. ඔයාට කරන්න තියන්නේ ඒ විස්තර වලට ගැලපෙන විදියෙ photo එකක් අරන් එක edit කරල හොද quality photo එකක් upload කරන එක විතරයි.
අපිට මෙතනදි උපයන මුදල් ගෙන්නගන්න paypal යුස් කරන්න පුලුවන්. ඒ හරහා ඔයාට මේ සල්ලි ගෙන්නගන පුලුවන්.
ඉතින් අපි හැමෝම දන්නව අද photography කියන්නේ හොද job එකක් ඉතින් ඔන්න ඔයාට internet එකෙනුත් photography වලින් සල්ලි හොයන්න පුලුවන්.
මේ ක්‍රමයත් try කරලා බලන්න.
Internet jobs ගැන ඔයාට තියෙන ගැටලු සහගත තැන් අපිට කියන්න අපි කැමතී ඔයා වෙනුවෙන් ඒ හැමදේම විසදලා දෙන්න.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
WHAFF Reward

WHAFF Reward


ඔයාලට playstore ගිහින් ලේසියෙන්ම මේ app එක download කරගන්න පුලුවන්. අද වෙද්දි ගොඩක් දෙනා තමන්ගේ කාලේ නාස්ති කරන්නේ එක්කො fb එකේ එහෙම නැත්තම game ගහලා. ඔයා මේ දෙවල් කරලා කලේ නාස්ති කරද්දී මේ දෙවල්ම කරල සල්ලි හොයන ගොඩක් දෙනා ඉන්නවා.
ඉතින් ඔයත් game ගහන්න addicted වෙලා ඉන්න කෙනෙක් නම්, ඔයාට game ගහලා සල්ලි හොයන විදිය කියලා දෙන්න තමයි මම අද මේ post එක ලියන්න හිතුවේ.
ඔයා game එක download කරගෙන install කරලා facebook හරහා ඔයාට මේකට log වෙන්න පුලුවන්. ඔයා මෙතෙනදී නිවැරදි විස්තර දීලා log වෙනවටත් එයාලා ඔයාට dollar 0.3 දෙනවා.
ඔයාට login උනාම එන interface එකේ cash withdraw කරන විවිද ක්‍රම බලාගන්න පුලුවන්. bitcoin,ethereum,paypal වගේ විවිධ ක්‍රම මෙතන තියෙනවා. ඉතින් ඔයාට bitcoin wallet එකක් තියෙනවා නම් ඒ හරහා උනත් ඔයාට මේ සල්ලි ගන්න පුල්ලුවන්. ඔයාට paypal හරහා මුදල් ගන්න ඕනි නම්, ඔයා මේ app එකෙන් අඩුම dollar 11.5ක් හොයන්න ඕනි.
දැන් කොහොමද අපි  මේකෙන් සල්ලි හොයන්නේ? සරලයි ඔයාට කරන්න තියෙන්නේ game ගහන එක. මෙතන එකේක ජාතියේ game ගොඩක් තියෙනවා ඒ game ගහලා දින්නම ඔයාට කොච්චර මුදලක් ලැබෙනවද කියලත් දාලා තියෙනවා. ඉතින් ඔයා game පිස්සෙක් නම් ඔයාට මේ වෙනුවෙන් වෙලාව තියෙනවා නම්, මේ app එක ඔයාටම හදපු එකක්.
ඒ වගේම ඔයාට මේ app එක හරහා එකේක video ad බලලා වගේම මේ app එකට ඔයාගේ යාලුවන්ට invite කරලත් සල්ලි හොයන්න පුලුවන්.
ඉතින් මම කියන්නම ඕනි දෙයක් තියෙන්වා, ඒ තමයි මේ දෙවල් කරලා ඔයාට ලොකූ මුදලක් හොයන්න නම් බැහැ කියන එක. මොකද මට බොරු කියලා ඔයාට මේක කරන්න කියලා කියන්න ඕනි නැහැ. සාමන්යෙන් ඔයාට මේක හරහා දවසට 500rs වගේ හොයාගන්න පුලුවන්. එත් ඉතින් ඔයා game පිස්සෙක් නම් ඔයාට මේ ගානට එහා යන්නත් බැරි නෑ.
කොහොම උනත් කාලය කියන්නේ සල්ලි මෙන්න මේකත් ඔයා මතක තියා ගන්න ඕනි. ඔයා internet job කරන කෙනෙක් නම් මේක ඔයාට තදින් දැනෙන දෙයක් වෙන්නම ඕනි. ඉතින් දවසම කට්ට කාලා මෙච්චරද හොයන්න පුලුවන් කියලා දැන් ඔයාලා මගෙන් අහන්න එපා! මොකද මම මුලින්ම කිව්වා මේක game පිස්සන් සදහා විශේශයෙන් වෙන් උන job එකක් කියලා.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
IQ Option

IQ Option


අද වෙනකොට ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙලා තියෙන දෙයක් තම්යි මේ trade කරනවා කියන්නේ. Internet එකේ trading sites කොච්චර ප්‍රමානයක් තියෙනවද කියන එකවත් ඔයාලා හරියට දන්නේ නැතුව ඇති. මේ ගොඩක් site ඇත්තම ඒවා නෙවෙයි. ඒ විතරක් නෙවෙයි trade කරන්න ගිහින් ලොකු ගනම් වලින් සල්ලි නාස්ති කරගත්ත කට්ටිය කොච්චර ඉන්නවද කියන එකවත් ඔයාට හිතාගන්න බැරුව ඇති.
කොහොම උනත් ගොඩක් දෙනා මේක කියලා දෙන්න කියලා මගෙන් අහපු නිසා, බහුතරයකගේ ඉල්ලීම සැලකිල්ලට අරගෙන මම මේ ගැන post එකක් ලියන්න හිතුවා. හැබැයි මේ හරහා ඔයාට නැතිවෙන කිසිම මුදලකට මම වගකියන්නේ නැහැ. ඒ වගේම binary trading ගැන අපේ site එක කියවන ඔයා අද පලවෙනි වතාවට නම් අහන්නේ ඔයාට මේක කරන්න කියලා මගෙන් කිසිම බල කීරීමක්වත්, අනුබලදීමක්වත් නැහැ. මේ දේවල් කියෙන්නේ මේ ගැන මගෙන් අහපු සහ අහපු නැති හැමෝගෙම දැනගැනීම උදෙසා පමනයි.

Iq option කියන්නෙ binary trading site(forex) එකක්. මෙතනදී මොකද්ද ඇත්තටම වෙන්නේ කියන එක ගොඩක් දෙනා මගෙන් අහපු ප්‍රශ්නයක්,
මම උදාහරනයකින් කිව්වොත්, ලංකවෙ රුපියලයි USD ඩොලර් එකයි අතර වෙනස දැන් වෙද්දි 159 කට ආසන්න අගයක් වෙනවා, අපි හිතමු ඔයා ඩොලර් එකේ අගය 150 ට අඩු උන වෙලාවක ඩොලර් 100 අරන් නැවතත් මේ අගය වැඩි උන වෙලාවක මේවා විකුනවා කියලා ඔයාට මේකෙන් 900(98*100)ක ලාබයක් තියෙනවා, මෙන්න මේ වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ.
එත් මේක කොහොම වෙනස් වෙයිද කියන එක අපිට කියන්න අමරුයි, අන්න ඒක නිසා තමයි මෙක ගොඩක් risk වෙන්නේ. තව දෙයක් තමයි ඔයාට iq option site එකේ account එකක් හදාගත්ත පලියට මේක කරන්න බෑ ඒකට ඔයාට මුදලක් ගෙවන්න වෙනවා.
ඔයා දැනටත් iq option site එකේ trade කරන කෙනෙක් නම් ඔයාට මෙකේ account එකක් ඇති. ගොඩක් වෙලාවට මෙක dollar වලින් හදපු account එකක් වෙන්න ඇති. ඉතින් ඔයාට මේ iq option site එකේ තියෙන්නේ dollar කියන මුදල් ඒකකය විතරක් නෙවෙයි තවත් මුදල් ඒකක තියෙනවා. ඔයාට රූබල් මුදල් ඒකකය පාවිච්චි කරලා dollar වලින් 50% අඩු වියදමකින් මේක කරන්න පුලුවන්.
ඔයා dollar වලින් නම් මේ account එක හැදුවෙ ඔයාට අඩුම dollar 10ක් ඒ කියන්නේ 1500ක් මේක පටන්ගන්න යොදවන්න වෙනවා, ඒත් ඔයා රූබල් පවිව්ච්චි කරොත් ඔයාට රූබල් 300 ඒ කියන්නේ ඩොලර් 5ක්(750rs), කට මේක පටන් ගන්න පුලුවන්. ඉතින් සමහරු ලොකු ගනම් දීලා මේක පටන් අරන් ඔක්කොම නැති කරගත්ත අවස්තා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔයා මේක කරන්න හිතන් ඉන්නවා නම් රූබල් බාවිතා කරන්න වගේම අඩුම මුදලකින් මේක පටන් ගනන කියලා මම කියන්නේ.
ඉතින් මෙහෙම account එකක් හදාගෙන සල්ලි deposit කරාට පස්සේ ඔයාට ඔයාගේ account එක ඇතුලට යන්න පුලුවන් එතකොට ඔයාට පෙනෙයි ඒකේක විදියේ ප්‍රස්තාර ගොඩක්. ඒ වගේම call එකක් put එකක් දෙනවා කියන්නේ මොකද්ද? මේ chart ඇත්තටම කොහොමද විචලයන වෙන්නේ? මේක අපි කලින් දැනගන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ඔයාට තියෙනවා නම් මේ ගැනත් අපිට කියන්න.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
HQ Trivia

HQ Trivia


Internet එකෙන් සල්ලි හොයන ගොඩක් ක්‍රම අතරින් android app එකක් ගැන අද කතා කරන්න හිතුවා, ගොඩක් දෙනා මේ HQ trivia app එක ගැන එකේක දෙවල් කියනවා සමහරු මේක blue whale game එක වගේද? කියලත් අහල තියෙනවා මම කීප අවස්තාවකදී දැක්කා, මේකට හේතුව මේ game එක කරන්න නිශ්චිත time එකක් තියෙන එක.
ඉස්සෙල්ලම ගොඩක් දෙනා අතර තියෙන මේ වැරදි අදහස අයින් කරගන්න වෙනවා, මේක කොහෙත්ම වංචාසහගත වත් භයානක game එකක් වත් නෙවෙයි.
මේ game එකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්, මෙක ඔයාගෙ දැනුම පරික්ශා කරන game එකක් කිව්වොත් හරි. මේකේ විශේෂත්වය තමයි මේක live game එකක්, අපිට game එක කරන වෙලාවෙ තව කී දෙනෙක් මේ game එක play කරනවද කියන එක screen එකේ බලා ගන්න පුලුවන්.
කොහොමද අපි  මේ game එක play කරලා සල්ලි හොයන්නේ?

මෙතනදි එයාලා අපෙන් ප්‍රශ්න 12ක්  අහනවා, මේ එක ප්‍රශ්නෙකට උත්තර 3ගානේ ලැබෙනවා. ඔයාට තියෙන්නේ තත්පර 10ක් ඇතුලත හරි උත්තරය select කරන එක විතරයි. ඉතින් මෙතනදි ඔයාගේ answer එක හරි ගියොත් ඔයාට ඊලග ප්‍රශ්නෙට යන්න පුලුවන්. හැබැයි ඔයාගේ උත්තරේ වැරදුනොත් ඔයාට game එකෙන් අයින් වෙන්න වෙනවා, ඒත් මේ game එක live යන නිසා ඔයාට අනිත් අය game එක play කරන විදිය බලන්න chance එකක් තියෙනවා.
ඔයාට මේ game එකේ 12 වෙනි ප්‍රශ්නෙ වෙනකම් යන්න පුලුවන් උනොත් එයාලා වෙන් කරලා තියෙන තෑගි මුදල ඔයාට ගන්න පුලුවන්. සාමානයෙන් dollar 2000ක් වගේ මුදලක් , එත් මෙතනදී game එක ඉවර කරපු ජයග්‍රාහකයො කීපදෙනෙක් හිටියොත් ඒ අය අතර අර තෑගි මුදල බෙදී යනවා.
ඉතින් මේ game එක දිනන එක හිතන තරම් පහසු ඉලක්කයක් නොවුනත්, පිටරට ගොඩක් දෙනා මේකට විකල්පයක් විදියට HQ Team  එකක් හදාගෙන මේ game එක කරන්න පෙලබිලා තියෙනවා. කොහොම උනත් ඔයාට සෑහෙන්න මුද්ලක් මේ game එක හරහා හොයන්න පුලුවන් දින්නොත්.
ඉතින් මේ වගේ තවත් අලුත් ක්‍රම අපි ඔයාලට කියන්නම්, දැනටත් මට ගොඩාක් දෙනෙක් මේ දවල් ගැන එයාලගේ ප්‍රශ්න කියලා message කරනවා, නැවතත් මට කියන්න තියෙන්නේ ඔයාගේ හැම ප්‍රශ්නයක්ම අපිට කියන්න. ඒ වගේම internet එකෙන් මේ ක්‍රම වලට අමතරව වෙනත් ක්‍රමයකින් ඔයා ගොඩ ගිය කෙනෙක් නම්, ඒ වගේම ඔයාගේ අත්දැකීම ලංකාවෙ අනිත් අයත් එක්ක බෙදා ගන්න ඔයා කැමතී නම් ඒ ගැනත් මට කියන්න.
මම කැමතී ඔයාගේ අත්දැකීම ගැන ඔයාත් එක්ක එකතු වෙලා post එකක් ලියන්න.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
GOKANO

GOKANO


ඔයාලා අපේ site එකත් එක්ක දිගටම එකතු උන කෙනෙක් නම් මේ වෙද්දී ඔයාලට internet එකෙන් සල්ලි හොයන විදිය ගැන පැහැදිලි අවබෝදයක් ඇති.
හැබැයි අද මම කතාකරන්න යන gokano කියන්නේ internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් site එකක් නෙවෙයි. මේක ටිකක් වෙනස් විදියේ වැඩක්, ඒ කියන්නේ ඔයාට මෙතනදී මුදල් ගෙවන් නැතුව මේ site එකේ තියෙන බඩු points හරහා ගන්න පුලුවන්.
මේක හරියට භාණ්ඩ හුවමාරු කරනවා වගේ වැඩක් ඔයාට තියෙන්නේ සල්ලි වෙනුවට මේ site එකෙන්ම point එකතුකරලා ඒ points දීලා අදාල භාණ්ඩය ගන්න.

දැන් ඔයා මගෙන් අහයි මොනාද මේ points කියන්නේ? කොහොමද මේවා ලැබෙන්නේ කියන එක.
ඉස්සෙල්ලම ඔයා මේ site(gokano.com) එකේ ගිහින් register වෙන්න ඕනි, ඊට පස්සෙ ඔයාට points එකතු කරන්න පටන් ගන්න පුලුවන්. මේකට ක්‍රම කීපයක් තියෙනවා, ඔයාට points එකතු කරන්න තියෙන්නේ GN හා VP විදියට. මෙතනදි  GN එකතු කරන එක ලේසි, ඔයාට දවස ගානේ free GN එකකුත් ලැබෙනවා. මීට අමතරව ඔයාට ඔයාගේ යාලුවොන්ට invite කරලත් GN එකතු කරන්න පුලුවන්.
මෙතනදී අර මම ebates ගැන කියද්දි කිව්වා වගේම, Gokano වලටත් ඔයාටම අදාල URL එකක් තියෙනවා මෙන්න මේක ඔයාගේ යාලුවෙන්ට share කරලා ඒ link එක හරහා ඔයාගේ යලුවොත් මේකේ register උනාම ඔයාට points එකතු වෙනවා.
ඊට අමතරව ඔයාට mission complete කරලත් points(GN) එකතු කරගන්න පුලුවන්. මෙතනදී ඔයාට mission වර්ග කීපයක් බලා ගන්න පුලුවන්. daily, extra, social වගේම fast mission විදියට.
මෙතනදී daily mission කරන්න ගියම ඔයාටම තේරෙයි එයලා අහන ප්‍රශ්නෙට මොන උත්තරේ දුන්නත් ඔයාට GN එකක් ලැබෙනවා කියලා.
ඉතින් ඔයාට මේ හැම එකක්ම කරලා බොහොම ලෙසියෙන් points එකතු කරගන්න පුලුවන්.
Gokano හරහා එකතු වෙන points වලින් ඔයාට gokano site එකේ තියෙන බඩු ගන්න පුලුවන් කියල මම කිව්වා. මෙතනදී මෙහෙම points වලින බඩු ගන්න ගියාම GN හා VP වලින් ආකාර දෙකකට ඔයාට බඩු ගන්න පුලුවන්, ඉතින් මේ ගැන අපි ඔයාට ඉස්සරහට කියනවා, ඔයාට අදම මේ points එකතු කරන්න පටන් ගන්න පුලුවන් ඔයා මේ site එකට ගිහින් බැලුවොත් ඔයාට පෙනෙයි ගොඩක් වටින බඩු උනත් මේ points හුවමාරුවෙන් ඔයාට ගෙන්නගන්න පුලුවන් කියලා.
internetjobs ගැන ඔයාලට ප්‍රශ්න තියෙන තැන් වගේම ඔයා internet  එකෙන් සල්ලි හොයන්න ගිහින් වංචනික ක්‍රම වලට අහු වෙලා ඉන්නවා නම් මේ හැමදේම අපිට ලියන්න.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
Fiverr-part III

Fiverr-part III



Fiverr ගැන මම මීට කලින අවස්තා දෙකකදී බොහොම පැහැදිලිව කතාකරා ඔයාලට මතක ඇති. Fiverr gig එකක් හදන විදියෙ ඉදන් ඒක promote කරන විදිහ වගේම gig එක promote කරනන තවත් ක්‍රම ඉස්සරහදි කියන්නත් මම පොරොන්දු උනා. ඉතින් මේ ගැන ගොඩක් දෙනා මගෙන් අහපු නිසා මම මේ post එක අදම ලියනන ඕනි කියලා හිතුවා.
Gig එක promote කරන එක විදියක් විදියට මම ඔයාලට gig එකට අදාල blog එකක් කරගෙන යන්න කියලා කිව්වා, ඒ වගේම gig එකට message කරන buyersලට ඔයාගේ blog එක ගැන කියලා කොහොම හරි order එක ඔයාගේ කරගනන්න එයාලව පොලබවගන්න කියලත් කිව්ව.
දැන් ගොඩක් දෙනා මගෙන් අහපු දෙයක් තමයි, ඔය දේවල් කරන්නත් ඉතින් buyer කෙනෙක් gig එකට message කරන්න එපැයි කියන එක?
කතාව ඇත්ත අපේ gig එක බලලා buyer අහක බලාගෙන ගියොත් මේ ක්‍රමේ හරියන් නෑ.
මේකටත් විසදුමක් තියෙනවා. Fiverr එකේ දී අපිට levels 3කට යන්න පුලුවන් ඒ කියන්නේ, 1 level, 2 level සහ Top rated seller කියලා.
ඔයා 1 level seller කෙනෙක් වෙන්න නම් orders 10ක් අඩුම 4.8 rating යටතේ complete කරන්න ඕනි. 2 level seller කෙනෙක් වෙන්න orders 50ක් 4.8 rating යටතේ වගේම Top rated seller කෙනෙක් වෙන්න නම් orders 100ක් 4.8 rating යටතේ complete කරන්න ඕනි.
buyerව අපේ gig එකට ගෙන්න ගන්න නම් මෙන්න මේ rating හොදට තියෙන්න ඕනි. Rate කරනවා කියන්නේ ඔයගෙන් කලින් buyersලා ඔයාගේ orderඑක ගැන සතුටු වෙලා ඔයාට දාන comment (review) එක.
දැන් ඔයා මගෙන් අහයි review එක දෙන්නත් order එක්ක කවුරුහරි ගන්න එපැයි කියලා?
මේක තමයි trick එක අපිට අපේ gig එකට buyersලා බලෙන් ගෙන්න ගන්න බෑ. ඒත් ඔයාට මෙහෙම වැඩක් කරන්න පුලුවන්, ඔයාගේ යාලුවන්ට මේ ගැන කියලා gig එකට යන සල්ලි ඔයාම ඔයාගේ යාලුවන්ට දීලා ඔයාගේ gig එකට orders දම්ම ගන්න ඔයාට පුලුවන්.
මේක කිසිම වංචනික ක්‍රමයක්වත් ඔයාට පාඩුවක් වෙන වැඩක්වත් නෙවෙයි. මොකද මේ සල්ලි අපහු ඔයාගේ fiverr account එකටමයි එන්නේ ඉතින් ඔයාට කිසිම පාඩුවක් නෑ, ඔයාට නිකම්ම පට්ට review එකක් ඔයාගේ යාලුවන්ට කියලා දාගන්න පුලුවන්.
මම මේකත් කියන්න ඕනි, ඔයා dollar 5කට gigඑකක් දැම්මට, ඔයාට එක order එකකට dollar 5ක්ම ලැබෙන් නෑ මොකද fiverrලා dollar 1ක් තියාගෙන ඔයාට දෙන්නේ dollar 4යි.
දැන් ඉතින් ඔයාට හිතෙන්න පුලුවන් ඔයා සල්ලි දීලා review දාගෙන ඔයාට පඩුවක් වෙනවා නේද කියලා.
මේ වෙලාවෙ ඔයාට ඒක ආයොජනයක් විදියට දකින්න වෙනවා. මොකද ඔයාට පොඩි ගානක් වියදම් කරලා එක gig එකක් dollar 100කට විකුනන තැනට එන්න ඕනි නම් මේක කරන්න වෙනවා. මේක හරියනවද කියන එකේ සැකයක්, නැත්තම් ඔයාට තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒ හැම දේම අපිට ලියන්න. ඔයාගේ ප්‍රශ්න වලට අපි අනිවා උත්තර දෙනවා.
ලංකාවේ free education එක campus ගිහිල්ලත් free ඉගෙනගෙන fiverr එකෙත් free register වෙලා නිකම්ම internet එකෙන් නිකම්ම සල්ලි හොයන්න නම් ඔයා බලන් ඉන්නේ, ඔයාට investment එකක්, උත්සහයක් දරන්න බැරි නම් සාර්තකත්වය dollar සිහිනය හීනයක්ම වේවි.
මම ඔයාට හිතන්න යමක් ඉතුරු කරා.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

Read

Fiverr-part II


ouo.io

ouo.io


මේ site එක ගැන නම් ගොඩක් දෙනා අහලා නැතුව ඇති. මේ වගේම තවත් site එකක් තමයි adf.ly කියන්නේ මේ ගැන නම් ඔයා අහලත් ඇති.
මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ, හැබැයි මම ouo.io ගැන ලියන්න හේතුව මේකේ ප්‍රසිද්දිය අඩු එකම තමයි.
ඔයාට මෙතන කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්, ඒ වගේම ඔයාට මේකෙන් සල්ලි හොයන්න පුලුවන්.
ඉස්සෙල්ලම ඔයා මේකේ register වෙන්න ඕනි , ර්ට පස්සෙ ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද කියල සරලව කිව්වොත්,ඔයාට කරන්න තියෙන්නේ URL short කරන එක.

මේ වැඩෙන් කොහොමද සල්ලි හම්බෙන්නේ?
ඔයාට කරන්න තියෙන්නේ ගොඩක් hit වෙලා තියෙන gossip නැත්තම් ඔයාගෙම youtube channel එකක එක හරි url එක මේකට ගෙනල්ලා දාලා එයාලා generate කරන shorten url එක හැම තැනම share කරන්න විතරයි. ඉතින් මේ විදියට short වෙලා එන url එක https://ouo.io/…….. කියලා තමයි තියෙන්නෙ.
ඇත්තටම මේතන වෙන්නෙ මේකයි, ඕප දූපක් උනත් hit වෙද්දි ඒක බලන්න කට්ටිය පෝලිමට එනවා. ඉතින් මේ hit gossip එක තියෙන url එක ඔයා short කරලා share කරාම අර gossip එක බලන්න එන කට්ටියට ouo.io site විසින් එයාලගේ ads පෙන්නෙනෙවා. Add ඒක skip කරලා අර gossip එක බලන්න පුලුවන්. ඉතින් මෙතනදි මේ වැඩේ ඔයා කරපු නිසා මේ site එකන් ඔයාට ගානක් ගෙවනවා.
හැබැයි gossip එකක් බලන්න ගියාම ads බලන්න මිනිස්සු කැමති නෑ. මෙන්න මේ නිසා තමයි https://adf.ly/….. වගේ url එකක් දැක්ක ගමන් මිනිස්සු මේකේ ads පෙන්නෙනවා කියලා දන්න නිසා මේක click නොකර ඉන්නේ. ඒත් ouo.io කියලා තියෙන url එකක ads ඇති කියල කවුරුත් වැඩිය දන්නෑ. ඉතින් ඔයාට ඒ chance එක අරන් සල්ලි හොයන්න chance එකක් තියෙනවා. try කරලා බලන්න.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ Facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
Picture.lk

Picture.lk


ලංකාවෙ තියෙන විශාලතම ජායාරූප වෙබ් අඩවිය තමයි picture.lk කියන්නේ. මේක ආරම්බ වුනේ 2013 මේ ගැන දැනටත් ඔයා දන්නවා ඇති.
හැබැයි මම මේ කියන්න යන්නේ picture.lk එකෙන් කොහොමද අපි සල්ලි හොයන්නේ කියන එක.
ඇත්තටම ලංකාව කියන්නේ විදේශිකයන්ගේ පාරාදීසයක් කියලා අපි හැමෝම දන්නවා. ලංකාවේ ලස්සන තැන් ගැන ලංකවේ අපි තරම් වෙන කවුද දන්නේ? ඉතින් ඔයා මේ වෙගේ ලස්සන තැන් වලට ගියාම ගන්න පින්තූර fb, Instagram වල share කරනවා. මේක අපි හැමොම කරන දෙයක්.
කොහොමද අපි මේ ගන්න photo වලට වටිනාකමක් දෙන්නේ? ඔයා ගන්න photo fb වල දැම්මට අඩුම ගානේ ඒවා ගූගල් සෙවීම්(google index) වලට වත් එකතු වෙන්නේ නැහැ. ඒත් ඔයා picture.lk එකට දැම්මොත ගූගල් සෙවීම් වලටත් එකතු වෙනවා විතරක් නෙවෙයි ඔයාට මේ site එක හරහාම මේ පින්තූර social media වල share කරන්න වගේම photos වලට like, comment කරන්නත් පුලුවන්.
මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මේකේ register වෙලා account එකක් හදාගන්න එක.

ඊලගට ගොඩක් හොද photos මේකට දාලා ඔයාගේ account එක promote කරගන්න ඒක විතරයි. ඊට පස්සේ ඔයාට ඔයාගේ account එකේ ads පෙන්න්න අවස්තාව තියෙනවා, මෙන්න මේ ads click කරලා කවුරු හරි ඒ add එකේ තියෙන බඩු ගත්තොත් මේකෙන් ඔයාට කමිශන් එකක් ලැබෙනවා.
ඉතින් trip එකක් ගිහින් ලංකාවෙ ලස්සන තැන් වල පින්තූර අරන් ඒ හරහත් දැන් ඔයාලට සල්ලි හොයන්න පුලුවන්. මේ හැමදේම කියෙව්වෙට මදි මේ දේවල් කරලා බලන්න.
අපි ඔබ වෙනුවෙන් හැමවිටම මේ දේවල් හොයන්න වගේම ඔයාලට නිවැරදි දත්ත දෙන්න බැදිලා ඉන්නවා.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
Fiverr-part II

Fiverr-part II


Fiverr gig එකක් හදන විදිය දැන් ඔයාලා දන්නවා. මොකද මම ඒ ගැන පැහැදිලිව කිව්වා. ඔයාට ඒ post එක මගහැරුනා නම් ඉස්සෙල්ලම ඒක කියවලා ඉන්න.
ඔයා අපි කිව්ව විදියට gig එකක් හැදුවා නම්, ඔයාගේ ඊලග ප්‍රශ්නේ වෙන්න ඕනි කොහොමද gig එක promote කරගන්නේ කියන එක. ගොඩක් දෙනා fiverr ඒකේ වැඩ කරන්න ගිහින් order එකක් එනකම් මාස ගනම් වේලි වේලි ඉන්නවා, ඒ නිසාම සමහරු gig එක පත්තු වෙන්න වාසනාව තියෙන්න ඕනි කියලත් කියනවා.
අපි වාසනාව ගැන නොහිතා අපිට කරන්න පුලුවන් දේ ගැන බලමු.
අපි හිතමු ඔයා gig එක විදියට කරන්නේ logo design කරන එක කියලා,
  • ඔයාගේ gig link එක fb, Instagram, twitter වගේ social media වල share කරාට මදි.
  • ඔයාට ඔයාගේම කියලා website එකක් නැති වෙන්න පුලුවන්, ඒත් ඔයාට ඔයාගෙම කියලා blogger එකක් කරගෙන යන්න පුලුවන්. ඒ blog post වලත් ඔයගේ gig link එක දාන්න.
මම ඔයාට website හෝ blog එකක් කරගෙන යන්න කියලා කිව්වේ විශේෂ හේතුවක් නිසා, ඔයා අලුතින් දාපු gig එකට customer කෙනෙක් order එකක් දාන්න කලින් ගොඩක් වෙලාවට එයා ඔයගේ gig එකට msg කරනවා. මෙන්න මේ වෙලාවට ඔයාගේ සුපිරියට තියෙන blog එකක් පෙන්නලා order එක ඔයා සතු කරගන්න පුලුවන්.
හැබැයි කවදාවත් මෙහෙම msg කරලා customerට ඔයාගේ personal details(personal email ) දෙන්න එපා මොකද ඒක නීති විති විරෝදී, ඔයාගේ gig එක අයින් කරන්නත් පුලුවන් මේ නිසා. ඒ වගේම උපරිම පැයක් ඇතුලත් customerට reply කරන්න මතක තියාගෙන්න. ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ තමයි fiverr mobile app එක ඔයාගේ phone එකට දා ගන්න එක.
මේ දේවල් ඔක්කොම කරලත් order එකක් ආවේ නැත්තම් ඔයාට ඒකට කරන්න තවත් දෙයක් තියෙනවා ඒ ගැනත් අපි ඉක්මන්ට කියන්නම්.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.


සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ Facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
AdSense

AdSense

Adsense ගැන මම මීට කලින් youtube channel ගැන කතා කරද්දි කිව්වා. අද මම adsense ගැන වෙනම කතා කරන්න හිතුවා, මොකද ගොඩක් කට්ටිය මේකට හොර පාරවල් යුස් කරන්න ගිහින් අමාරුවේ වැටිලා තියෙන නිසා.
ඔයා අපි ලියපු youtube channel post එක කියෙව්වා නම්, channel එකෙන් views ගාන 10,000 කරගත්තට පස්සේ ඔයාට ads පෙන්නන්න නම් monetization එනේබල් කරන්න වෙනවා කියලා මම කිව්වා. ඒ වගේම මේක කරන්න ගියාම ප්‍රශ්නයක් එනවා කියලත් මම කිව්වා.
මේකට හේතුව මේක ලංකාවට වලංගු නැති එක.
මෙන්න මේ හින්දම ගොඩක් කට්ටිය රට මාරු කරලා මේක කරන්න ගිහින් අමාරුවේ වැටෙනවා. මොකද ඔයාට verified adsense account එකක් හදාගන්න නම් එයාලා ඔයාගේ ගෙදරට post කරලා එවන code එක asdense account එකේ enter කරන්න ඕනි. මෙන්න මේ නිසා ඔයාට කවුරුත් කිව්ව පලියට මේ වගේ බොරු වැඩ කරලා අමාරුවේ වැටෙන්න එපා.
හරි එහෙනම් මේක කරන්නේ කොහොමද?

ඔයාට කරන්න තියෙන්නේ blog එකක් නැත්තම් website එකක් හදලා ඒ හරහා adsense for content පාවිච්චි කරලා adsense account එකක් හදාගන්න එක.
මේක කරන්න නම් ඉස්සෙල්ලම ඔයාට blogger.com නැත්තම wordpress වල blogger එකක් ලියලා ඒක හැම තැනම share කරලා views, likes, comments කීපයක් ගන්න වෙනවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ blogger එකේ URL එක යුස් කරලා adsense for content මගින් adsense account එකක් හදාගෙන ඒක verify කරගන්න පුලුවන්. දැන් ඔයාගාව verified adsense account එකක් තියෙනවා, දැන් මේක youtube වලට connect කරන්න විතරයි ඔයාට තියෙන්නේ.
ඔයාට blogger එකක් ලියනන දන්නැත්තම් ඒ ගැනත් ඒ වගේම blog එක adsense වලට apply කරන්න තරම් quality වෙන්න කරන්න ඕනි මොනාද? ඒ වගේම adsense account එකේ එකතු උන සල්ලි withdraw කරන්නේ කොහොමද කියලත් දැනගන්න.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.
සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්
VIU Tube

VIU Tube


මොකද්ද මේ VIU Tube කියන්නේ? මේක ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්, ඇත්තටම මේක youtube වගේම video sharing වලට හදපු සුපිරි site එකක්.

මේකේ විශේශත්වය තමයි මේක ලාංකිකයන් වෙනුවෙන්ම තමයි හදලා තියෙන්නේ. Dialogලා  එකතු වෙලා හදපු මේ platform එක ලංකාවෙ සැලකිය යුතු පිරිසක් අතර දැනටත් කතා බහට ලක් වෙමින් තියෙනවා. මේක තවත් ප්‍රසිද්ද වෙන තරමටම මේකේ video හදන ඔයාලට තමයි මේකේ වාසිය වෙන්නේ. ඒ නිසා මේ post එකත් පුලුවන් තරම් ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.
ඔයා දැනටත් youtuber කෙනෙක් නම් ඔයා දන්නවා ඇති youtubeලා views, subscribers ගාන අනුව youtuberට ඒ කියන්නේ ඔයාලට ගෙවීම් කරන්නේ කොහොමද කියන එක. අපිත් මේ ගැන මීට කලින් ඔයාලට කිව්වා.
කොටින්ම youtube එකෙන් ගෙවන ගානට වඩා ලොකු මුදලක් ඔයාලට viu tube හරහා හොයන්න පුලුවන්.
ඔයාට ඔයාගේ google account එකෙන්ම youtube channel එකක් හදාගන්න පුලුවන් උනාට, ඔයාට viu tube channel එකක් හදන්න එයාලගේ account එකක් තියෙන්න ඕනි, මේක හදාගන්න එක සරලයි. Post එකේ පහලින් තියෙන photo එකේ channel එක හදාගන්න විදිය දාලා තියෙනවා.

Viutube එකෙන් ඔයාලට ගෙවීම් කරන්න පටන් ගන්නේ ඔයාගේ views ගාන 20,000 උනාට පස්සේ, ඒ වෙද්දි ඔයා silver partner කෙනෙක්, ඔයාට හැම suscriber කෙනෙක්ටම රුපියල ගානේ වගේම එක view එකටට සත 25 ගානෙත් ගෙවන්න viutubeලා සුදානම්.
Silver platform එකේ ඉදන් platinum platform එකට යන්න ඔයාටත් පුලුවන්, මාසෙට මිලියනයක් හොයන්න ඔයාත් කැමති ඇති. මේ ගැනත් අපි කියනවා.
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ Facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

Wednesday, 25 December 2019

YouTube-part I

YouTube-part I

Youtube කියන්නේ video sharing වලට ලොකේ තියෙන ලොකුම social media network එක. කොහොමද YouTube එකෙන් සල්ලි හොයන්නේ?


මේකට ඉස්සේල්ලම ඔයා youtube channel එකක් හදාගන්න ඕන.

මේක හරිම ලෙසී ඔයාට ඔයාගේ google account එකෙන්ම youtube එකට log වෙන්න පුලුවන් ඊට පස්සේ ඔයාගේ profile photo, cover photo දාලා ඔයාගේ channel එක හදාගන්න එක හරිම ලෙසී. Channel එක හැදුවට පස්සේ ඔයාට කැමති විදිහට වීඩියොස් හදලා නිතරම channel  එකට upload කරන්න.

Videos upload කරාට මදි promote කරන්නත් ඔනි. ඒ ගැනත් අපි කියනවා.

කොහොමහරි channel එකේ views ගාන 4,000 කරගත්තට පස්සේ ඔයාලට google adsense වලට ඉල්ලන්න පුලුවන්. මේකට ඔයාට google adsense account එකක් හදාගන්න වෙනවා.

Google ලගේ adsense වගේම adwords කියලා platform දෙකක් තියෙනවා.

Adsense හරහා කොහොමද අපි සල්ලි ගෙන්න ගන්නේ?

Views ගාන 10,000ක් කරගත්තට පස්සේ youtube dashboard එකේ තියෙන monetization එනේබල් කරගන්න ඕනි වෙනවා ඒ හරහා තමයි අපිට channel එකේ ads පෙන්නන්න පුලුවන් වෙන්නේ. adsense account එකක් හදන්නේ කොහොමද? ලංකවේ අපිට මේ වැඩේ කරන්න පුලුවන්ද? monetization එනේබල් කරන්න ගියාම ලංකාවෙ මිනිස්සු රට මාරු කරලා මේක කරනන හදන්නේ ඇයි?මේ වගේ ගැටලු ඔයාටත් ඇති. අපි මේ හැම දේටම උත්තර දෙනවා.


Step 1- විදියට ඔයා youtube channel එකක් හදන්න views ගාන 4,000ක් කරන්න try කරන්න.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

Tuesday, 24 December 2019

FaceBook

FaceBook

අද වෙනකොට ලංකාවේ fb account එකක් නැති කෙනෙක් හොයාගන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක්. හැබැයි fb එකේන් සල්ලි හොයන්නේ කී දෙනාද?…


මේ post එක කියවන ඔයාටත් අනිවා fb account එකක් ඇති, මේ post එක ලියන මම නම් fb එකේන් සල්ලි හොයනවා, එතකොට ඔයා?

මේක අමාරුද? ලේසිද? fb එකෙන් සල්ලි හොයන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඔයාටත් ඇති.

මේක ලේසි ද නෑ, අමාරු ද ඒත් නෑ.

ඔයා තමන්ගෙම කියලා business එකක් තියෙන කෙනෙක් නම් fb එක හරහා ඔයගේ business වැඩි කරගන්න පුලුවන්. ඔයාට business එකක් නැත්තම් අපි business එකක් පටන් ගමු. සරලයි ඔයාට තියෙන්නේ fb page එකක් හදන එක.


කොහොමද page එකක් හදන්නේ?



ඔයාගේ facebook account එකෙන්ම create page ගිහින් අදාල category එක select කරලා page එකක් හදන්න පුලුවන්.

Page එක හැදුවට පස්සේ අඩුම like 100 පැන්නම ඔයාලට page එකේ URL එක vanity කරගන්න පුලුවන් chance එකක් ලැබෙනවා. Like 100 ගන්න එක නම් අමරු නැහැ. කොහොමද අපි දැන් මේකේන් සල්ලි හොයන්නේ. කොහොමද අපි page එක promote කරන්නේ. මේ ඔක්කොම දැනගන්න අපි ඔබට කියනවා.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips
ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්

Monday, 23 December 2019

MicroWorkers

MicroWorkers

ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ internet එකෙන් සල්ලි හොයන්න පට්ට knowledge එකක් තියෙන්න ඕනේ කියලා, ඒත් මේක වැරදී.


ඔයාට web design, logo design වගේ දේවල් ගැන technical knowledge එකක් නැති වෙන්න පුලුවන් ඒත් smart phone එකක් යුස් කරන ඔයාට screen shoot එකක් ගන්න, form එකක් පුරවන්න like දානන වගේ පොඩි දේවල් කරන්න බැරි වෙන්න බෑ.


ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයෙයි. ඉස්සේල්ලම microworkers එකේ rgister වෙන්න ඕනේ.

ඊට පස්සේ site එකේ කරන්න කියලා තියෙන පොඩි පොඩි වැඩ කරලා එයාලා දිලා තියෙන time එකට screen shoot දාන්න තියෙන්නේ.

ඇත්තටම මෙතන වෙන්නේ අපි අනිත් අයගේ web site, pages වලට like දාලා අපි එහෙම කරා කියලා ඔප්පු කරන්න screen shoot දාන එකයි.

මෙහෙම කරා කියලා අපිට සල්ලි ලැබෙනවද? ඕව්,

මේ site එකට microworkers කියලා නම දීලා තියෙන්නේ මේකේ කරන්න තියෙන වැඩ වගේම හම්බෙන ගානත් ගොඩාක් අඩු නිසයි.

Microworkers හරහා මේ වගේ පොඩි වැඩකට හම්බෙන්නේ සත 00.1 වගේ පොඩි පොඩි ගනම් වලින්. දැන් ඔයාට මේකෙන් ඇති වැඩක් නෑ කියලා හිතෙයි.

ඒත් something is better than nothing කියලා ඔයත් අහලා ඇති.

මේ සල්ලි අපේ අතට ගන්නේ කොහොමද? මේ ගැනත් අපි කියනවා


ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.

සල්ලි හොයාගෙන company කාරයන්ට කඩේ ගිය කාලේ දැන් ඉවර කරමු. Internet තියෙන්නේ facebook යන්න විතරද? වෙනස් වෙන්න සෙට් වෙන්න අපිත් එක්ක Fox Gossips

ඔයාට මේ සම්බන්දව තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න පහල කමෙන්ට් බොක්ස් එක පාවිච්චි කරන්න පුළුවන්